General26 June 2026

ප්‍රවීණ රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී සමන් අල්මේදා අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ, මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද සවස 6.00න් පසු මහරගම පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කරන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා සවස 6.00ට ගොඩිගමුව ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes