General26 June 2026

හිඟ බදු ගෙවනවාද? නැද්ද? දන්වන ලෙස ඇලෝසියස්ට අධිකරණයෙන් නියෝග

ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ සමාගම රජයට හිඟ තබා නොගෙවා පැහැර හැරියේ යැයි කියන රුපියල් මිලියන 5800 අයත් වැට් බදු මුදල් අතපසු කිරීමකින් තොරව ගෙවා නිම කරන්නේද ? නැද්ද? වහාම අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා එම සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ජෝසප් ඇලෝසියස් විත්තිකරුට නියෝග කළා.

2023 පෙබරවාරි මාසයේ සිට මාසිකව ගෙවන රුපියල් මිලියන 5 බැගින් වූ හිඟ බදු මුදල් සඳහා සහනයක් සලසන ලෙසට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙම නියෝගය නිකුත් කළා.

විත්තිකාර අධ්‍යක්ෂකවරුන් වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණුවලට ප්‍රතිචාර දක්වමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.

බදු මුදල් අය කරගැනීමට නියමිත කාලය  ඉක්මවා ගොස් තිබීම සහ විශාල බදු මුදලක් නොගෙවා පැහැර හැර හිඟ තබා තිබීම හේතුවෙන්  කිසිදු සහනයක් ලබා නොදෙන ලෙසට දේශීය ආදායම්වරයා කොමසාරිස්   ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළා.


2016-2017 වර්ෂ වලට අදාළව ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ සමාගම නොගෙවා පැහැර හැර ඇතියි  කියන රුපියල් මිලියන 996 ක බදු මුදලක් අයකර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් පැවරූ නඩුව කැඳ වූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළා.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී විත්තිකාර අර්ජුන ඇලෝසියස් විත්තිකරු අධිකරණයේ පෙනී සිටියා.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයාගේ සමාගමේ මත්පැන් බලපත්‍ර සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අත්හිටුවා මත්පැන් නිෂ්පාදනාගාර බැංකු මගින් වෙන්දේසි කිරීමට යොමු කර ඇති බැවින් හිඟ බදු මුදල් වාරිකය ගෙවීමට මූල්‍යමය දුෂ්කරතා  පවතින බවය. එබැවින් අදාළ බදු මුදල් වාරිකය සංශෝධනය කර ගෙවීමට අවසර ලබා දෙන ලෙසද ඉල්ලා සිටියා.

දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් සැකකාර සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස් විසින් හිඟ මුදල් අය කරගැනීමට අධිකරණය හමුවේ  නඩු පහක් පවරා ඇති බව පෙන්වා දුන්නා.


2019- 2020 වසර වලට අදාළව බදු නොගෙවීමට එරෙහි නඩුව අභියාචනාධිදීකරණය හමුවේ විභාග වන බවත් පවසා සිටියා.

එබැවින් බදු මුදල් නියමිත පරිදි ගෙවීමට නියෝග කරන ලෙසද ඉල්ලා සිටියා

විමර්ශන ප්‍රගතිය සැප්තැම්බර් මස 30 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කළා.
Related recommendation
Hiru TV News | Programmes