General26 June 2026

දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඇප

පළාත් සභා මැතිවරණය ආසන්නයේ තිබියදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව දකුණු පළාත් මන්ත්‍රීවරුන්ට පුටු බෙදා දී රජයේ මුදල් අවභාවිතා කළේ යැයි කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (26) නියෝග කළා.

සිද්ධියට අදාළ නඩුව කැඳූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් දැක්කරු අධිකරණ ඉදිරිපත් කර තිබුණා.

සැකකරු ලක්ෂ පනහ බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනම් කිරිමට ද නියෝග කළා.

මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් රුක්ෂාන්
මල්ලව ආරච්චි යන අයයි.

මෙම සිද්ධියට අදාලව හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා ඇතුලු සැකකරුවන් දෙදෙනකු ඇප මත මුදා හැර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes