General26 June 2026

දිවයිනේ ප්‍රදේශ රැසකට හෙටත් වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට හෙට (27) දිනයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයක ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු - මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලත් සුළගේ ‍වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර මට්ටමකින් ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes