General27 June 2026

ලංගම බස් රථයක් දියතලාවේදී අඩි 20ක ප්‍රපාතයකට පෙරලී 42ක් රෝහලට

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් අද (27) අලුයම දියතලාව දුම්රිය හරස් මාර්ගය අසලදී අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරලී තිබෙනවා.

එම අනතුරින් පුද්ගලයන් 42ක් පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ, පිරිමි පුද්ගලයින් 36ක් සහ කාන්තාවන් 6ක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes