General27 June 2026

රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක්: වෙළෙඳ ඇමති

රාජ්‍ය සේවකයින්ගේ ජීවන බර සැහැල්ලු කිරීමේ අරමුණින් සහන මිලට සහල් කිලෝ 20 බැගින් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

ඒ, අනුරාධපුර, විජයපුර ප්‍රදේශයේ ඊයේ (26) පැවති උත්සවයකට එක්වෙමින්.

එහිදී, සෑම රජයේ සේවකයෙකුටම නාඩු සහ කැකුළු සහල් අඩංගු කිලෝ 10 පැකට් දෙකක් වශයෙන් මෙම සහල් ප්‍රමාණය ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

එහි විශේෂත්වය වන්නේ, රාජ්‍ය සේවකයින් ලබාගන්නා සහල් සඳහා එකවර මුදල් ගෙවීම වෙනුවට ගෙවීමේ ක්‍රමයට සහල් ලබාගැනීමට අවස්ථාව ලබාදීමයි.

මෙම සහල් පැකට් සතොස හෝ සමූපකාර වෙළෙඳසැල් මගින් රාජ්‍ය සේවකයින්ට ලබාගැනීමේ පහසුකම් සළසන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes