General29 June 2026

සුනඛයෙකුට තිරිසන් වැඩක් කළැයි අයෙක් අත්අඩංගුවට

කතරගම පාදයාත්‍රා බැතිමතුන් සමඟ මාර්ගයේ ගමන් කරමින් සිටි සුනඛයෙක්ට පයින් ගසා අපයෝජනය කළ සැකකරුවෙකු කල්මුණේ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්මුණේ මූලස්ථාන පොලිස් ස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලැබුණු පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

අදාළ සුනඛයා යාපනයේ සිට කතරගම පාදයාත්‍රාවට සහභාගී වන කණ්ඩායමක් සමඟ ගමන් කරමින් සිටි සුබ්‍රමනියන් නම් සුනඛයෙක්.

කල්මුණේ ප්‍රදේශයේදී සැකකරු විසින් සිදු කරන ලද ප්‍රහාරය හින්දු සංවිධාන ද අමානුෂික ක්‍රියාවක් ලෙස හෙළා දැක තිබෙනවා.

කිලෝමීටර් 450 ක් පමණ ගමන් කළ සුබ්‍රමනියන් නම් සුනඛයාට පහරදීම සමාජ මාධ්‍යවල වේගයෙන් සංසරණය විය. මෙම සිදුවිම පිලිබදව විවිධ සංවිධාන විවිධ අදහස් පළ කරමින් සිටිනවා.

බල්ලාට පහර දුන් සැකකරු බල්ලාට කළ හිරිහැරයට අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුගේ සමාජ මාධ්‍ය පිටුවේ සමාව අයැද සිටි බව ද සඳහන් කළ යුතුව තිබෙනවා.

අම්පාර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ මඟ පෙන්වීම යටතේ, අම්පාර දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත බණ්ඩාර කස්තුරි මහතාගේ මඟ පෙන්වීම යටතේ කල්මුණේ ප්‍රාදේශීය වැඩබලන සහකාර පොලිස් අධිකාරී ඩී.එන්.පී. දන්ත නාරායනගේ මෙහය විමෙන් කල්මුනේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ලසන්ත කලු ආරච්චි ඇතුලු නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes