මසුන් ඇල්ලීමට ගොස් නිවසට පැමිණීම ප්‍රමාද වූ තම පුත්‍රයා සෙවීම සඳහා දියණියද කැටුව ගිය මවක, වැවක් අසල කපා තිබූ ළිඳකට වැටී මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
මරණකාරිය සමග ගිය 10 හැවිරිදි දියණිය ද දියේ ගිලි අතුරුදන්ව ඇතැයි පොලිසය සඳහන් කරනවා.
ගල්ගමුව පොලිස් වසමට අයත් තෙන්නකෝන්පුර, තුබාර වැව අසලදී මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (28) රාත්‍රියේ බවයි පොලිසිය පැවසුවේ.
මෙසේ දියේ ගිලී මියගොස් ඇත්තේ තලකිරියාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක් වූ කාන්තාවක්. දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ ඇගේ වයස අවුරුදු 10ක් වූ දියණියයි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය මවගේ පිරිමි දරුවා මසුන් ඇල්ලීම සඳහා තුබාර වැව වෙත ගොස් ඇති බවයි.
ඔහු නැවත නිවසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන්, ඔහු පිළිබඳව සොයා බැලීම සඳහා මරණකාරිය සිය දියණියද කැටුව වැව දෙසට ගොස් ඇති අතර, එලෙස යමින් සිටියදී තුබාර වැව අසල කපා තිබූ වගා ළිඳකට ඔවුන් දෙදෙනාම වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
දියේ ගිලී අතුරුදන්ව සිටින 10 හැවිරිදි දැරිය සෙවීම සඳහා මේ වන විට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, ගල්ගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.
Latest News
කාන්තා ක්‍රීඩාවේ ආරක්ෂාව වෙනුවෙන් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ තීන්දුවක්
Local
30 June 2026
ට්‍රම්ප්ගේ විධායක නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි
Local
30 June 2026
T20 කාන්තා ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයට
Local
30 June 2026
Asia Miracle Awards 2026 - සම්මාන උළෙලේදී හිරු සම්මාන රැසකින් පිදුම් ලබයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සන්-සෝක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
IMF නියෝජිතයින්ගේ සංචාරය අවසන් - ජනපති සහ අගමැතිත් හමුවෙයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සොං-සුක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
Local
30 June 2026
''යල කන්නයේ නාඩු වී කිලෝ ග්‍රෑමයක් රු:120, සම්බා, රු:130 සහ කිරී සම්බා වී රු:140 ක සහතික මිල යටතේ මිලදී ගන්නවා''- අමාත්‍ය වසන්ත සමරසිංහ
Local
30 June 2026
වනාතවිල්ලුවේදී තෙප්පමක් පෙරළී ළමුන් සිව්දෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට
Local
30 June 2026