International29 June 2026

කටාර්හිදී පැවැත්වීමට නියමිත අමෙරිකා - ඉරාන සාකච්ඡා ගැන දෙරටින්ම පරස්පර අදහස්

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා විසින් දෙරට අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර ප්‍රකාශ නිකුත් කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, දෙරට අතර පවතින ගැටලු සාකච්ඡා කිරීම සඳහා ඉරානය විසින් හමුවක් ඉල්ලා සිටි බවයි.

එම ඉල්ලීමට අනුව අඟහරුවාදා දිනයේදී කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී මෙම හමුව පැවැත්වීමට නියමිත බවද ඔහු සඳහන් කරනවා.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාරයක් දක්වමින් ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාසෙම් ගරිබාබාදි (Kazem Gharibabadi) ප්‍රකාශ කර ඇත්තේ මේ සතිය තුළ අමෙරිකාව සහ ඉරානය අතර කිසිදු ඍජු තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වීමට මේ වන විට සැළසුම් කර නොමැති බවයි.
Related recommendation
Hiru TV News | Programmes