දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් විවිධ ව්‍යාපාරික ආයතන සහ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසනවා.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් ඉකුත් ජූනි 05 වැනිදා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු, පෙරේදා (27) ගල්ගමුව පොලිස් වසමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙක්.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස හඳුන්වා දෙමින් ක්‍රමවත්ව බදු ගෙවන ආයතන වෙත දුරකතන ඇමතුම් ලබා දී ඇති බවයි.
එහිදී තමන්ගේ පෞද්ගලික හදිසි අවශ්‍යතාවයක් පවතින බව පවසා වංචනික ලෙස එම ආයතනවලින් සිය බැංකු ගිණුමට මුදල් තැන්පත් කරවා ගැනීමට මොහු කටයුතු කර ඇතැයි පොලිසිය පවසනවා.
මීට පෙරද මෙවැනිම ආකාරයෙන් සිදු කළ මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින්ද මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අයකු බවද පොලිසිය පැවසුවා.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (28) අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග නිකුත් වී තිබු බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම නඩුව ලබන ජූලි මස 06 වැනිදා නැවත කැඳවීමට නියමිත අතර, කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.
Latest News
කටාර් රාජ්‍යයෙන් මුහුදු ගමන් සහ සමුද්‍රීය කටයුතුවලට තාවකාලික තහනමක්
Local
29 June 2026
ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේ දී 'හිරු ශ්‍රද්ධාභිවන්දනා' අවසන් වූ වගයි.. හිරු ශාසනාවතරණයෙන් කුල දරුවන් 15 දෙනෙකු සඟ සසුනට පූජා කෙරේ
Local
29 June 2026
ගල්කිස්සේදී දියවැළකට හසු වී මුහුදට ගසාගෙන ගිය තරුණයන් 05 දෙනෙක් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරාගනී
Local
29 June 2026
මත්පැන් වැටලීමට ගිය පොලිසියට බල්ලන් 8ක් මුදාහැර සපා කෑමට සලස්වලා : ස්ථානාධිපති ඇතුළු 4කට තුවාල
Local
29 June 2026
දේශීය ආදායම් බදු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ලක්ෂ ගණන් වංචා කළ අයෙක් කොටු
Local
29 June 2026
ජර්මනියේ වෙඩි තැබීමකින් 5ක් මරුට: සැකකරු අත්අඩංගුවට
Local
29 June 2026
දඹුල්ල - කුරුණෑගල පාරේ ත්‍රීරෝද රථයක් පෙරළී තරුණයෙක් මරුට
Local
29 June 2026
කටාර්හිදී පැවැත්වීමට නියමිත අමෙරිකා - ඉරාන සාකච්ඡා ගැන දෙරටින්ම පරස්පර අදහස්
Local
29 June 2026
මසුන් ඇල්ලීමට ගිය පුතු සෙවීමට දියණිය සමඟ ගිය මවක් වගා ළිඳකට වැටී මියයයි: 10 හැවිරිදි දියණිය දියේ ගිලී අතුරුදන්
Local
29 June 2026
ලොග්ගල්ලාඔයේ පාරුවක් පෙරළී දෙදෙනෙක් මරුට
Local
29 June 2026