නීති විරෝධී මත්පැන් වැටලීමට ගිය අඟුරුවාතොට පොලිසියේ නිලධාරීන්ව බල්ලන් ලවා සපා කෑමට ඉඩ හැර සාපරාධී බලහත්කාරය පා සහ රාජකාරියට බාධා කළ යුවළක් රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කළුතර වැඩ බලන මහේස්ත්‍රාත් හිමාෂ් ලියනාරච්චි ඊයේ (28) නියෝග කළා.
මෙසේ ඇප මත මුදා හැරුණේ දියගම, ගල්පාත පදිංචි 40 වියැති අයෙක් සහ ඔහුගේ බිරිඳ වන 36 හැවිරිදි තැනැත්තියක්.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිනී වීරසූරියගේ උපදෙස් හා නියෝග මත අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (27) දින සවස 3.30 ට පමණ මෙම නිවස වැටලීමේදී බහින්බස්වීමක් ඇතිවී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර නිවසේ සිටි බල්ලන් 08 දෙනෙකු මුදා හැර පොලිස් නිලධාරීන්ව සපා කෑමට ලක් කර ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියා.
බල්ලන්ගේ සපා කෑමට ලක්වූ අගුරුවාතොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා සහ පොලිස් කොස්තාපල් (99625) මනෝජ් අබේකෝන් යන නිලධාරීන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත්, පොලිස් පරික්ෂක සුධීර සහකොස්තාපල් (83935) ක්‍රිශාන්ත යන මහත්වරුන් සුළු තුවාල ලබා ඇතැයිද පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.
මෙම සිද්ධියෙන් පසු අත් අඩංගුවට ගත් සැකකාර යුවළ කසිප්පු මිලි ලීටර් 1000 ක්ද සමග දකුණු කළුතර පොලිසියට භාරවී තිබුණා.
මෙහිදී දකුණු කළුතර පොලිසියේ උප පොලිස් පරික්ෂක බණ්ඩාර පැමිණිල්ල ඉදිරිපත් කළ අතර සැකකාර යුවළ වෙනුවෙන් නීතිඥ බන්දුල වීරසිංහ පෙනී සිටියා.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන්ට ඇප නියම කර මෙහි වැඩිදුර විභාගය ජූලි මස 10 වැනිදා තෙක් කල් තැබුණා.
Latest News
කටාර් රාජ්‍යයෙන් මුහුදු ගමන් සහ සමුද්‍රීය කටයුතුවලට තාවකාලික තහනමක්
Local
29 June 2026
ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේ දී 'හිරු ශ්‍රද්ධාභිවන්දනා' අවසන් වූ වගයි.. හිරු ශාසනාවතරණයෙන් කුල දරුවන් 15 දෙනෙකු සඟ සසුනට පූජා කෙරේ
Local
29 June 2026
ගල්කිස්සේදී දියවැළකට හසු වී මුහුදට ගසාගෙන ගිය තරුණයන් 05 දෙනෙක් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරාගනී
Local
29 June 2026
මත්පැන් වැටලීමට ගිය පොලිසියට බල්ලන් 8ක් මුදාහැර සපා කෑමට සලස්වලා : ස්ථානාධිපති ඇතුළු 4කට තුවාල
Local
29 June 2026
දේශීය ආදායම් බදු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ලක්ෂ ගණන් වංචා කළ අයෙක් කොටු
Local
29 June 2026
ජර්මනියේ වෙඩි තැබීමකින් 5ක් මරුට: සැකකරු අත්අඩංගුවට
Local
29 June 2026
දඹුල්ල - කුරුණෑගල පාරේ ත්‍රීරෝද රථයක් පෙරළී තරුණයෙක් මරුට
Local
29 June 2026
කටාර්හිදී පැවැත්වීමට නියමිත අමෙරිකා - ඉරාන සාකච්ඡා ගැන දෙරටින්ම පරස්පර අදහස්
Local
29 June 2026
මසුන් ඇල්ලීමට ගිය පුතු සෙවීමට දියණිය සමඟ ගිය මවක් වගා ළිඳකට වැටී මියයයි: 10 හැවිරිදි දියණිය දියේ ගිලී අතුරුදන්
Local
29 June 2026
ලොග්ගල්ලාඔයේ පාරුවක් පෙරළී දෙදෙනෙක් මරුට
Local
29 June 2026