ගල්කිස්ස වෙරළ තීරයේ දිය නෑමට ගොස් දරුණු දියවැළකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටි දහඅට හැවිරිදි තරුණයන් පස්දෙනෙකු පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) බේරාගෙන ඇතැයි පොලිිස් මූලස්ථානය පවසනවා.
රාජගිරිය සහ කොස්වත්ත යන ප්‍රදේශවල පදිංචි 18 හැවිරිදි තරුණයන් පස්දෙනෙකු මෙලෙස අනතුරට මුහුණ දී තිබුණා.
ඔවුන් ගල්කිස්ස වෙරළේ දිය නාමින් සිටියදී එකවරම මතු වූ ප්‍රබල දියවැළකට හසුව මුහුද දෙසට ගසාගෙන ගොස් තිබූ අතර, එම අවස්ථාවේදී වෙරළ තීරයේ ජීවිතාරක්ෂක රාජකාරිවල නිරතව සිටි ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත නිලධාරීන් පිරිසකගේ ඇස ගැටී ඇත්තේ තරුණයන් පිරිස උදව් ඉල්ලා කෑගසන හඬයි.
ඒ සමඟම වහා ක්‍රියාත්මක වූ පොලිස් සැරයන් (38788) නාගහවත්ත, පොලිස් කොස්තාපල් (31996) කසුන් සහ පොලිස් කොස්තාපල් (98684) කොඩිතුවක්කු යන ජීවිතාරක්ෂක නිලධාරීන් කණ්ඩායම වහාම මුහුදට පැන, ගසාගෙන යමින් සිටි තරුණයන් පස්දෙනාම නිරුපද්‍රිතව වෙරළට රැගෙන ඒමට සමත්ව තිබූ බවයි පොලිසිය පවසන්නේ.
වෙරළට රැගෙන ආ තරුණයන් පිරිස වෙත ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් වහාම අවශ්‍ය මූලික ප්‍රථමාධාර ලබාදීමටද පියවර ගෙන තිබුණා.
Latest News
කටාර් රාජ්‍යයෙන් මුහුදු ගමන් සහ සමුද්‍රීය කටයුතුවලට තාවකාලික තහනමක්
Local
29 June 2026
ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේ දී 'හිරු ශ්‍රද්ධාභිවන්දනා' අවසන් වූ වගයි.. හිරු ශාසනාවතරණයෙන් කුල දරුවන් 15 දෙනෙකු සඟ සසුනට පූජා කෙරේ
Local
29 June 2026
ගල්කිස්සේදී දියවැළකට හසු වී මුහුදට ගසාගෙන ගිය තරුණයන් 05 දෙනෙක් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරාගනී
Local
29 June 2026
මත්පැන් වැටලීමට ගිය පොලිසියට බල්ලන් 8ක් මුදාහැර සපා කෑමට සලස්වලා : ස්ථානාධිපති ඇතුළු 4කට තුවාල
Local
29 June 2026
දේශීය ආදායම් බදු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ලක්ෂ ගණන් වංචා කළ අයෙක් කොටු
Local
29 June 2026
ජර්මනියේ වෙඩි තැබීමකින් 5ක් මරුට: සැකකරු අත්අඩංගුවට
Local
29 June 2026
දඹුල්ල - කුරුණෑගල පාරේ ත්‍රීරෝද රථයක් පෙරළී තරුණයෙක් මරුට
Local
29 June 2026
කටාර්හිදී පැවැත්වීමට නියමිත අමෙරිකා - ඉරාන සාකච්ඡා ගැන දෙරටින්ම පරස්පර අදහස්
Local
29 June 2026
මසුන් ඇල්ලීමට ගිය පුතු සෙවීමට දියණිය සමඟ ගිය මවක් වගා ළිඳකට වැටී මියයයි: 10 හැවිරිදි දියණිය දියේ ගිලී අතුරුදන්
Local
29 June 2026
ලොග්ගල්ලාඔයේ පාරුවක් පෙරළී දෙදෙනෙක් මරුට
Local
29 June 2026