General02 July 2026

Hiru Relay Championship 2026 : 16න් පහළ 800X4 කාන්තා ඉසව්වේ ජය පාතදුම්බර ජාතික පාසලට

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී මේ වනවිට පැවැත්වෙන Hiru Relay Championship 2026 තරගාවලියේ 16න් පහළ 800X4 කාන්තා ඉසව්වේ ජය පාතදුම්බර ජාතික පාසලට හිමිවුණා.

එහි දෙවැනි ස්ථානය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට හිමිවූ අතර, තෙවැනි ස්ථානය වලස්මුල්ල ජාතික පාසල විසින් දිනාගත්තා.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ හිරු මාධ්‍ය ජාලයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් 4 වැනි වරටත් සංවිධානය කරන සහය දිවීමේ තරගාවලිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව සියලුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයිනේ පාසල් ළමුන් 4500කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මේ වනවිට පැවැත්වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes