International04 July 2026

වෙනිසියුලාවට බලපෑ ද්විත්ව භූ කම්පනයෙන් පසු ගොඩනැගිලි 189ක් සම්පූර්ණයෙන් කඩා වැටේ

වෙනිසියුලාවේ සිදු වූ භූ කම්පන ද්විත්වයෙන් ගොඩනැගිලි 885කට හානි සිදුවී ඇති අතර, 189ක් සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙනවා.

එසේම භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 2,645ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

තුවාල ලැබූ සංඛ්‍යාව ද 12,666 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ වන විට පුද්ගලයින් 6,462 දෙනෙකු මුදාගෙන තිබෙනවා.

එමෙන්ම 3,300කට අධික ජාත්‍යන්තර ගලවා ගැනීමේ කණ්ඩායම් සහ එරට හමුදාවේ 30,000ක් පමණ පිරිසක් සහන කටයුතු වල නිරතව සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes