ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ට, විශේෂයෙන්ම අවදානමට ලක්වූ සහ ආන්තීකරණයට ලක්වූ කණ්ඩායම්වලට යුක්තියට ප්‍රවේශ වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් සෑම වසරකම ජූලි මස 06 වැනි දින ‘ ශ්‍රී ලංකාවේ ජාතික නීති ආධාර දිනය’ ලෙස සැමරීමට රජය තීරණය කර තිබෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව පළමු වරට සංවිධානය කරන ලද ජාතික නීති ආධාර දින සැමරුම් උළෙල "කිසිවෙකු අත් නොහරින යුක්තියට ප්‍රවේශයක් " යන්න තේමා කර ගනිමින් අග්‍රවිනිශ්චයකාර ප්රිති පද්මන් සුරසේනගේ සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් 06 (ඊයේ) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණා.
ප්‍රධාන දේශනය හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, සරත් ජයමාන්න විසින් පවත්වනු ලැබුවා.
ජාතික නීති ආධාර දිනය ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් සමරු මුද්දරය හා මුල් දින කවරය එළි දැක්වීමද මෙහිදී සිදුවුවා.
එක්සත් ජාතීන්ගේසංවර්ධන අරමුදලේ මෙරට නියෝජිත අෂුෂා කුබෝටා, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ සභාපති, ජනාධිපති නීතිඥ විවේකානන්දන් පුවිතරන්, එහි අධ්යක්ෂ ජනරාල් රුක්මන් ගමගේ යන මහත්ම මහත්මීන් අදහස් පළ කළ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනාධිකරණ සහ මහාධිකරණ විනිසුරුවරුන්, නීතිපති ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත දොඩාවත්ත, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසුරිය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Latest News
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා වාර්තා ඉදිරිපත් කරන්න: අධිකරණයෙන් නියෝග!
Local
07 July 2026
"සිරකරුවන්ට වෙඩි තැබීම අශිෂ්ඨයි, මිලේච්ඡයි, නින්දිතයි" - ෆ්‍රී ලෝයර්ස්
Local
07 July 2026
ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුව නොවැම්බර් 16 වැනිදාට කැඳවයි
Local
07 July 2026
එප්පාවල දෝණිගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ හයක් දැලේ
Local
07 July 2026
විද්‍යුත් වර්ගයේ යතුරුපැදියක් ලබා දෙනවැයි පවසා මුදල් වංචා කරලා
Local
07 July 2026
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන කතාකරන්න බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇමැති හමුවට
Local
07 July 2026
පුස්තකාල කාර්යාල සහයක තනතුරක් ලබා දෙන්න අල්ලස් ගත් පුද්ගලයාට ඇප
Local
07 July 2026
ශ්‍රී ලංකාවේ ජාතික නීති ආධාර දිනය: ජූලි මස 06 වැනි දින සැමරීමට රජය තීරණය කරයි
Local
07 July 2026
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් පිළිබඳ කල්තැබීමේ විවාදය අද පස්වරු 3.30ට
Local
07 July 2026
භූමි තෙල් යොදා ධාවනය කළ බස් රථ පහක් කොටු
Local
07 July 2026