General07 July 2026

මීගමු හිරගෙදර ගැටුම ගැන දින 04කට කළින් බුද්ධි තොරතුරු ලැබිලා - පා.ම. හර්ෂණ රාජකරුණා

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව දින තුන හතරකට පෙර සිටම බුද්ධි තොරතුරු ලැබී තිබුණද, ඒ පිළිබඳව නිසි පියවර ගැනීමට රජය අපොහොසත් වී ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා.

සිද්ධියට අදාලව අද (07) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව පවසා සිටියා.

මෙම සිද්ධිය හදිසියේ සිදු වූවක් නොවන බවත්, ඒ පිළිබඳව බලධාරීන් දැනුවත් වී සිටියද නිසි කළමනාකරණයක් හෝ තීන්දු තීරණ ගැනීමක් සිදු නොවූ බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළා.

රටේ වර්තමානයේ පවතින නායකත්වයේ සහ කළමනාකරණයේ දුර්වලතාවය මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මනාව පිළිබිඹු වන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මීට පෙර ගොවි ජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට මුහුණ දීමට සිදු වූ ගැටලුවලදී ද රජය මෙලෙසම අකාර්යක්ෂම ලෙස කටයුතු කළ බවද සිහිපත් කළා.

ප්‍රශ්න නිසි ආකාරයෙන් හඳුනා ගැනීමට හෝ ඒවාට මුහුණ දීමට රජයට අත්දැකීම් නොමැති බවත්, බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් මෙවැනි විනාශයක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම බරපතළ පරිපාලනමය අසාර්ථකත්වයක් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes