International08 July 2026

ඉරානය ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස අමෙරිකාව ද ප්‍රහාර එල්ල කරයි

ඉරානයට එරෙහිව අද (08) ප්‍රබල ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු මධ්‍යම බලඇණිය (US CENTCOM) පවසනවා.

ඒ, ඊයේ (07) හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා 3කට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් පසුව බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එසේම ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ සිරික් (Sirik) හි පිහිටි ජැටියකට ප්‍රක්ෂේපණ (projectiles) 6ක් පතිත වී ඇති බවයි.

මෙම ප්‍රහාර එල්ල වීමට පෙර, ඉරානයට පනවා තිබූ තෙල් සම්බාධක තාවකාලිකව ඉවත් කරමින් ලබා දී තිබූ නිදහස් කිරීමක් අමෙරිකානු භාණ්ඩාගාරය විසින් අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes