General08 July 2026

RMV නිලධාරීන් සමග එක්වී අනීතිකව වාහන ලියාපදිංචි කළ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

රේගු බදු නොගෙවා සහ රේගු නිශ්කාශන කටයුතු සිදු නොකර මෙරටට අනීතික ලෙස ආනයනය කරන ලද මෝටර් රථ දෙකක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග එක්ව එම දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට ඇතුළත් කර ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (07) අත්අඩංගුවට ගත් ව්‍ය්පරිකයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පදිංචි මෝල්පේයාලගේ සංජීව කුමාර නමැති ව්‍යාපාරිකයෙක්.

සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ජුලි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes