General14 July 2026

ගොවීන්ට ණය දෙන්න වෙනම බැංකුවක් හදනවා - නි. ඇමති ටී.බී. සරත්

ගොවි ජනතාවට සහන ක්‍රමයට ණය ලබාදෙන බැංකුවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, එමගින් සෑම ගොවියෙකුටම අක්කරයකට රුපියල් ලක්ෂයක නිෂ්පාදන වියදමක් ලබා දීමට කටයුතු කරන බවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ,

“නිෂ්පාදන වියදම වැඩි වෙන්නේ ගිනි පොලියට ණයට ගන්න නිසා. ඒ නිසා බැංකුවක් ආරම්භ කරන්න අදහස් කරමින් ඉන්නවා. එමගින් සෑම ගොවියෙකුටම අක්කරයකට ලක්ෂයක නිෂ්පාදන වියදමක් ලබා දෙන්න කටයුතු කරනවා.” යනුවෙන්.

එමෙන් ම, චීනය සමග සාකච්ඡා කර සෑම ගොවි ව්‍යාපාරයකටම ‘කෘෂි උපරකණ මධ්‍යස්ථානයක්’ පිහිටුවීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

“චීනය සමග සාකච්ඡා කර සෑම ගොවි ව්‍යාපාරයකම ‘කෘෂි උපරකණ මධ්‍යස්ථානයක්’ ඇතිකරන්න කටයුතු කරනවා. ලෝකයේ දියුණු මැෂින්, විශාල ට්‍රැක්ටර්, ගොයම් කපන මැෂින්, ඩ්‍රෝන, නියර රහින සහ බඳින මැෂින් ගේනවා. ඒ ආයතන හරහා ගොවීන්ට සහනදායි මිලට අවශ්‍යතාව ඉටුකර ගැනීමට කටයුතු සලසා දෙනවා” යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes