General16 July 2026

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය අනෙක් නිලධාරීන් දෙදෙනාගේ දේහයන් වැලිකඩට

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ සෙසු බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගේ දේහයන් ද අවසන් ගෞරව සඳහා මේ වනවිට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙවිත් තිබෙනවා.

ඒ අනුව, ඔවුන්ගේ දේහයන් අවසන් ගෞරව දැක්වීම සඳහා බන්ධනාගාරයේ පර්යේෂණ හා විසෝධන පුහුණු මධ්‍යස්ථානයේ තැන්පත් කර ඇති බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මොවුන් දෙදෙනා පසුගිය සදුදා රාත්‍රියේ සහ ඊට පසුදින අලුයම මියගොස් තිබුණා.

මෙලෙස මියගියේ අම්බලන‍්තොට ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පොලිස් විශේෂ බුද්ධි ඒකකයේ සේවය කළ සන්ධික ලෂාන් ගුණවර්ධන සහ 25 හැවිරිදි ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි බන්ධනාගාර නියාමක පසිදු මධුසර යන දෙදෙනායි.

එමෙන්ම තව සුළු මොහොතකින් දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යාමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes