International16 July 2026

මියන්මාරයට නුදුරින් සරණාගතයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළී 500කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට සැක

මියන්මාරය ආසන්නයේ සරණාගතයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළීමෙන් 500කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට සැක කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මූලික තොරතුරු උපුටා දක්වමින් සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) සහ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ඒජන්සිය (UNHCR) ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම යාත්‍රා දෙක ජුනි මස අගදී මියන්මාරයේ රඛයින් (Rakhine) ප්‍රාන්තයෙන් පිටත්ව ගොස් ඇති බවයි.

එහි ගමන් කර ඇත්තේ බහුතරයක් රෝහින්ග්‍යා ජනවාර්ගිකයන් වන අතර, බංග්ලාදේශයේ සරණාගත කඳවුරුවල සිටි පිරිසක් ද ඊට ඇතුළත් බව වාර්තා වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes