පෙට්‍රල් සහ ඩීසල් වැනි සම්ප්‍රදායික පොසිල ඉන්ධන වෙනුවට භාවිත කළ හැකි පුනර්ජනනීය ඉන්ධනයක් වන ‘සම්පීඩිත ජීව වායුව’ නිෂ්පාදනය සඳහා වටිනා පිරිසිදු බලශක්ති ප්‍රභවයක් ලෙස ගොම (ගව අපද්‍රව්‍ය) වේගයෙන් ඉස්මතු වෙමින් පවතිනවා.
සාමාන්‍යයෙන්, එක් ගවයෙකුගෙන් වසරකට ලැබෙන ගොම ප්‍රමාණයෙන් මෝටර් රථයක් කිලෝමීටර් 5,500කට ආසන්න දුරක් ධාවනය කිරීමට අවශ්‍ය සීබීජී (CBG) වායුව උත්පාදනය කළ හැකි බවයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසනවා.
මෙම ක්‍රියාවලියේදී සිදුවන්නේ ගව අපද්‍රව්‍ය එකතු කර, නිර්වායු ජීරණය මඟින් ඒවා ජීව වායුව බවට පත් කිරීමයි. පසුව, මෙලෙස නිපදවෙන මෙතේන් බහුල වායුව පිරිසිදු කර, සම්පීඩිත ස්වාභාවික වායුවට සමාන ගුණාංගවලින් යුත් ‘සම්පීඩිත ජීව වායුව ලෙස සකස් කිරීමයි.
මෙම වායුව වාහන ධාවනය සඳහා මෙන්ම නිවාස සහ ගම්මානවලට පිරිසිදු බලශක්තිය සැපයීමට ද යොදාගත හැකියි.
තිරසාර විකල්ප ඉන්ධනයක් සැපයීමට අමතරව, මෙම ‘සීබීජී’ නිෂ්පාදනය හරහා ප්රතිලාභ රැසක් අත්වෙනවා.
විශේෂයෙන්ම, ඉන්දියාව බොරතෙල් ආනයනය මත රඳා පැවතීම අවම කිරීමටත්, කෘෂිකාර්මික අපද්‍රව්‍යවලින් මුදල් ඉපයීම හරහා ගොවීන්ට අමතර ආදායම් මාර්ගයක් නිර්මාණය කිරීමටත් මෙයින් අවස්ථාව සැලසෙනවා.
එමෙන්ම හරිතාගාර වායු විමෝචනය අවම කරන මෙම ක්‍රියාවලිය, රට තුළ ක්‍රියාත්මක හරිත බලශක්ති වැඩසටහන් යටතේ වඩාත් පිරිසිදු, පුනර්ජනනීය බලශක්තියක් කරා යන ගමනට විශාල ශක්තියක් සපයයි.

Latest News
පාකිස්ථාන පාලනයේ පවතින කාශ්මීරයේ ගැටුම් - නව දෙනෙකු ජීවිතක්ෂයට
Local
16 July 2026
කුලී රථ ගමනක් යන බව කියා නිවෙසින් ගිය තරුණ දෙදරු පියාගේ නිසල සිරුර ඇළක
Local
16 July 2026
වගකීම් සහතික නොමැතිව විදුලි උපාංග විකුණු ආයතන හිමිකරුවෙකුට දඩ
Local
16 July 2026
ලිතුවේනියාවේ රැකියා ජාවාරමට හසුවන්න එපා
Local
16 July 2026
පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම් 52ක්
Local
16 July 2026
වසරේ මේ දක්වා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන 72,430ක් දක්වා ඉහළට
Local
16 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 29.77කින් ඉහළට
Local
16 July 2026
‘ඉන්දියන් සාගර සියවසේ’ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතුයි - නාමල්ගෙන් ඇරයුමක්
Local
16 July 2026
සලේගේ රිට් පෙත්සමට මැදිහත් වෙමින් කාදිනල් හිමිපාණන්ගෙන් පෙත්සමක්
Local
16 July 2026
කතරගම ඇසළ පෙරහැරේ දෙවැනි දිනය අදයි
Local
16 July 2026