රජයේ මාධ්‍ය සංදර්ශන හේතුවෙන් මේවන විට සෑම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ අද (16) නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,
"ආණ්ඩුව බන්ධනාගාර සුබසිද්ධිය සඳහා සුබසාධනය සඳහා සෘජු මැදිහත්වීමක් කරන්න මීට පෙර අවස්ථාවන් ගණනාවකදීම තිබුණා. හැබැයි ඒ කිසිම අවස්ථාවක ආණ්ඩුව මිනිස්සු බන්ධනාගාරගත කිරීම සහ රිමාන්ඩ් කිරීම හැරුනකොට, ඒවා ඇතුලේ ඉන්න අයගේ සුබසාධනය පිළිබඳව අවධානය යොමු කළේ නෑ.
දැන් හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවලා ගිහින් තියෙනවා.රැඳවියන් අටසියයකට ඉන්න පුළුවන් බන්ධනාගාරවලට හාරදහසක් දානවා. ඉතින් හාරදහසක් දැම්මම පැහැදිලිවම ඒක ඇතුලේ හාරදහසකට ඉන්න බෑ.
ඒ වගේම අනිත් පැත්තෙන් දැන් මේ වෙනකොට අපි දැක්කා ඔය සිද්ධිය හා සම්බන්ධයෙන්, සිද්ධිය වගේම බන්ධනාගාර ඇතුලේ වසංගත තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා කියලා. රැඳවියන්, කාන්තා බන්ධනාගාර රැඳවියන්ගේ උද්ඝෝෂණයකුත් තිබුණා.
ඉතින් හැමතැනම මාධ්‍ය සංදර්ශන දාන්න හෝ ආණ්ඩුවේ වෙනත් උපක්‍රමයක්, වෙනත් වෙනත් ප්රචාරක වැඩසටහනක් හරහා තමන්ගේ දේශපාලන වාසිය ලබාගන්න දිනෙන් දින පුද්ගලයෝ රක්ෂිත බන්ධනාගාරගත කරනවා. ඒක දේශපාලනික වශයෙන් වෙන්න පුළුවන්, නැත්නම් සමාජයේ අනිත් අය වෙන්න පුළුවන්.
ඉතින් ආණ්ඩුව කළ යුත්තේ මේ වෙලාවේ මේකට පැහැදිලිව මැදිහත් වෙන්න ඕනේ. ඉතින් මේ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් පහුගිය දිනවල, පහුගිය කාලසීමාවලත් අපි පාර්ලිමේන්තුවේත් මේ ගැන කතා කරලා තියෙනවා. ඉතින් එක පැත්තකින් රස පරීක්ෂක වාර්තා එන්න අවුරුදු ගානක් යනවා. ඉතින් රස පරීක්ෂක වාර්තා එනකන් බොහෝ අය නිකන් රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්න සිද්ධවෙලා තියෙනවා. වාර්තාව එනකොට සමහරුන්ගේ ඒවායේ මත්ද්‍රව්‍ය ඇත්තෙත් නෑ. හැබැයි ඉතින් ඒ කාලසීමාව ඇතුලේ මේ බන්ධනාගාර පිරෙනවා.
ඉතින් බන්ධනාගාර කාර්ය මණ්ඩලයත් නෑ. නිලධාරීත් නෑ. එක්කෝ නිලධාරී ටික දෙන්න ඕනේ, යටිතල පහසුකම් ටික හදලා දෙන්න ඕනේ. ඉතින් ඒවා හදන්නේ නැතුව ආණ්ඩුව හැමදාම පොලිසිය ලව්වා, පොලිසියේ මත්ද්‍රව්‍ය වැළැක්වීම කියන කාරණය මත, කැම්පේන් එක මත අත්අඩංගුවට අරගෙන පොලිසියෙන් දක්වන කරුණු මත තමයි අධිකරණය ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත වෙනවා. ඉතින් මේ තත්ත්වයට ආණ්ඩුව පැහැදිලිවම වගකියන්න ඕනේ සහ ආණ්ඩුව මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනේ.
ඒ ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතාවය මත ඔවුන්ට හසුරුවන්න පුළුවන් කොමසාරිස් කෙනෙක් පත් කරනකන් බලන් ඉන්නවා. ඉතින් මේ හැම කාරණයක් පිටිපස්සෙම තමන්ගේ දේශපාලන අරමුණ තියෙනවා. ඉතින් දේශපාලන අරමුණු ඉටුකරගන්න මිනිස්සු බන්ධනාගාරගත කරනවා. මාධ්‍ය සංදර්ශන දාන්න ඕනේ හින්දා අහිංසක මිනිස්සු ගිහිල්ලා කුඩු සහ මත්ද්‍රව්‍ය තියෙනවා කියලා රක්ෂිත බන්ධනාගාරගත කරනවා. මේ කිසි කෙනෙක් පුනරුත්ථාපනය යවන්නෙත් නෑ. අඩුම ගානේ එක වතාවක් හෝ දෙවතාවක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවා නම් ඔහුව පුනරුත්ථාපනයට යවන්න ඕනේ. ඉතින් පුනරුත්ථාපනය කරන්නෙත් නෑ. සියලු දෙනාම ගිහිල්ලා බන්ධනාගාර ටික පුරවගන්නවා.
ඒ අතර දේශපාලනික වශයෙනුත් තමන් බන්ධනාගාරගත කරන අයව විශේෂ වාට්ටු කියලා දානවා. ඒ අයව විශේෂ වාට්ටුවලට දැම්මම අනිත් වාට්ටුවලට තව පිරෙනවා. ඉතින් අවසානයේ ඒ බන්ධනාගාර ඇතුලේ ලොකු සමාජ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපි දැනුම් දුන්නා. ඉතින් අපිත් බන්ධනාගාරවලට දැන් මේ දවස්වල නිතරම යනවා අපේ මන්ත්‍රීවරු සහ හිටපු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීන්, වගේම ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, බුද්ධි නිලධාරීන් බොහෝමයක් බන්ධනාගාරගත කරලා තියෙන හින්දා මේ ආණ්ඩුවලින්. ඉතින් ඒ යනකොට අපිට දැනගන්න, දකින්න ලැබෙන දේ, ඇහෙන්න ලැබෙන දේ මේකයි. ඉතින් මේ සඳහා ආණ්ඩුව පැහැදිලිව වගකීමකින් කටයුතු කරන්න ඕනේ."

Latest News
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026
අගෝස්තු 5 පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක්
Local
17 July 2026
ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය හෙටත් ඉහළට
Local
17 July 2026
2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේදී -චීන ජනපතිගෙන් යෝජනා රැසක්
Local
17 July 2026
FACETS Sri Lanka 2027 ජනවාරි 4 සිට 6 දක්වා Cinnamon Life හිදී
Local
17 July 2026
ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ජයග්‍රාහක මන්ජොත් කල්රා අත්අඩංගුවට : LPL උඩුයටිකුරු කරමින් ක්‍රීඩකයෙකුට මිලියන 9.5ක් දෙන්න ගිහින්
Local
17 July 2026
නි. ඇමති එරංග ගුණසේකරට සහ පා.ම. ජගත් මනුවර්ණට වරෙන්තු
Local
17 July 2026
ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවීමට රටවල් 29 ක් ගිවිසුම්ගත වෙයි
Local
17 July 2026
ආරක්ෂක සහයෝගීතාව නැංවීමට ඉන්දියාව සහ ජපානය සූදානමින්
Local
17 July 2026