General16 July 2026

වගකීම් සහතික නොමැතිව විදුලි උපාංග විකුණු ආයතන හිමිකරුවෙකුට දඩ

වගකීමේ සහතිකය නිකුත් නොකර විදුලි උපාංග විකිණීමට තිබූ ආයතනයක හිමිකරුවෙකුට රුපියල් පනස්දහස දඩ මුදලක් නියම කිරීමට අද(16) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න නියෝග කළා.

එසේ දඩ මුදල් නියම කරනු ලැබුවේ අංක 1, බේස්ලයින් පාර, පුද්ගලික ආයතනයක හිමිකරු හටයි.

පාරිභෝගික අධිකාරිය විසින් කරන ලද වැටලීමකදී වගකිම් සහතිකයක් නොමැතිව විදුලි උපාංග විකිණීමට තිබූ බවයි සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes