General16 July 2026

ලකුණු කළ මිල කපා හැර ඖෂධ විකිණු පෞද්ගලික ආරෝග්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට දඩ

ලකුණු කරන ලද මිල කපා හැර ඖෂධ විකිණීමට ප්‍රදර්ශනය කර තිබූ පෞද්ගලික ආරෝග්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට රුපියල් දසදහසක දඩ මුදලක් නියම කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. දර්ශිමා ප්‍රේමරත්න අද (16) නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී පාරිභෝගික අධිකාරිය විසින් කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබූවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර බවයි.

ලකුණු කරන ලද මිල කපා හැර ඖෂධ විකිණීමට ඉදිරිපත් කර තිබියදී මෙම වැටලීම සිදුකළ බවයි පාරිභෝගික අධිකාරියේ අධිකරණයට දන්වා සිටීයේ
Related recommendation
Hiru TV News | Programmes