General16 July 2026

ජාතික සුපිළිපන් සතිය ජූලි 27 සිට 31 දක්වා

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන ̎සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්̎ ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට ජූලි 27 සිට 31 දක්වා සුපිළිපන් සතිය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන හා ඒකාබද්ධ වෙමින් ක්‍රියාත්මක කිරිම සඳහා සියලුම රාජ්‍ය ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් ද නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ආදර්ශමත් පරිපාලන ව්‍යූහයක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛතම අභිලාෂය වී ඇති අතර එම අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ස්වයං පාලනයකින් යුතුව ප්‍රියමනාප සේවයක් සපයන සුපිළිපන්න රාජ්‍ය සේවකයෙකු නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම ද මෙහි අරමුණක්.
Related recommendation
Hiru TV News | Programmes