General16 July 2026

ඉරානයේ බලශක්ති පද්ධතිවලට ඇමරිකාවෙන් ප්‍රහාර එල්ල වුවහොත් රතු මුහුදේ තෙල් ප්‍රවාහන මාර්ගය වසා දැමීමේ අවදානමක්

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් වෙත ප්‍රහාරයක් එල්ල කළහොත්, රතු මුහුදේ තෙල් ප්‍රවාහන මාර්ගය වසා දැමීමට සූදානමින් සිටින ලෙස ඉරානය විසින් යේමනයේ හූති සංවිධානයෙන් ඉල්ලා ඇති බව රොයිටර්ස් පුවත් සේවය අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා කරනවා.

මෙම සැලසුම ඉරානයේ නායකත්වය තුළ සාකච්ඡා වී ඇති බවයි සඳහන් වෙන්නේ.

එම උපදෙස දැනටමත් ඉරානයේ මිත්‍ර පාර්ශවයක් වන හූති සටන්කාමීන් වෙත දැනුම් දී ඇති බවත් සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes