General17 July 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මියයෑම ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් දෙකක්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා කණ්ඩායම් දෙකක් පත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ වුට්ලර් සඳහන් කළේ, හිටපු පොලිස්පතිවරයා මාලඹේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අද අලුයම වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවට සැකකරන බවයි.

අනතුරුව හිටපු පොලිස්පතිවරයාව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටියා.
Related recommendation
Hiru TV News | Programmes