General17 July 2026

අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක්

වංචාසහගත ලෙස අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් සිදුවන බවට වාර්තා වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව, මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි විවිධ පුද්ගලයින් විසින් විවිධ දුරකතන අංක මගින් අස්වැසුම ප්‍රතිලාභීන් අමතා ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් යැයි පවසා දුරකතන ඇමතුම් ලබා දෙන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

මෙම ක්‍රියාවලිය, සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ කිසිදු අනුදැනුමකින් සිදු නොවන බැවින් මේ සම්බන්ධව අදාළ පොලීසියට ගොස් පැමිණිලි කරන ලෙස එම මණ්ඩලය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes