General17 July 2026

ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය හෙටත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය හෙට දිනයේත් ඉහළයා හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය පැයට කිලෝමීටර 50 දක්වා ඉහළ යා හැකි බවයි.

එමෙන්ම, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.

Related recommendation
Hiru TV News | Programmes