වත්මන් වෙළෙඳපොළ තුළ බිත්තර මිල ඉහළ යාමේ වගකීම රජය සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සෘජුවම භාරගත යුතු බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසනවා.
ඔහු, මේ බව කියා සිටියේ සංශෝධිත බිත්තර මිල ප්‍රකාශයට පත් කිරීම සඳහා පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
බිත්තර නිෂ්පාදන ක්ෂේත්රයේ අත්‍යවශ්‍යම සාධකයක් වන ඉරිඟු ආනයනය මේ වන විට මුළුමනින්ම නතර කර ඇති බව පෙන්වා දුන් සභාපතිවරයා, දේශීය ඉරිඟු නිෂ්පාදනය ද කර්මාන්තයේ අවශ්‍යතාවයට සෑහෙන තරම් නොවන බව සඳහන් කළේය. ඉරිඟු වෙනුවට සහල් ආදේශකයක් ලෙස භාවිත කරන ලෙස රජය දැනුම් දුන්නද, එය ප්‍රායෝගික නොවන බවත්, එවැනි ආදේශක නිසා සතුන්ගේ සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල වන බවත් හෙතෙම පැවසුවා.
"සහල් වැනි ආදේශක භාවිත කිරීම නිසා සතුන්ගේ උදරයේ නිරන්තරයෙන් ආසාදන ඇති වෙනවා. මේ හේතුවෙන් සමස්ත බිත්තර නිෂ්පාදනය සියයට 20 ත් 30 ත් අතර ප්‍රමාණයකින් පහත වැටී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටයි. වෙළෙඳපොළේ සිටින ඇතැම් කූට වෙළෙඳුන් සත්ත්ව ආහාර, රසායනික ද්‍රව්‍ය සහ ඖෂධ වර්ගවලට ඩොලමයිට් වැනි දෑ කලවම් කර විකිණීම නිසා සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් තිබෙනවා. සත්ත්ව ආහාරවල ගුණාත්මකභාවය ගිලිහී යාම නිසා දෛනික බිත්තර නිෂ්පාදනය දැවැන්ත ලෙස පහත වැටිලා. එය ගොවීන්ට දරාගත නොහැකි පාඩුවක්.
මේ සියලු කරුණු දෙපාර්තමේන්තුව හොඳින්ම දැනගෙන හිටියත්, ඊට විසඳුම් සෙවීමට කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නෑ. නිලධාරීන් සාකච්ඡාවකින් තොරව "ඉරිඟු වෙනුවට සහල් පාවිච්චි කරන්න" වැනි ප්‍රකාශ සිදු කිරීමෙන් කර්මාන්තය රැකගත නොහැකියි. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා, කෘෂිකර්ම අමාත්‍යවරයා, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා සහ වෙළෙඳ අමාත්‍යවරයාගෙන් හදිසි සාකච්ඡාවක් ඉල්ලා සිටිනවා. පවතින ගැටලු සහ ඊට අදාළ දත්ත දේශපාලන නායකත්වය වෙත නිසි පරිදි සන්නිවේදනය නොවීම හේතුවෙන් වත්මන් අර්බුදය තවදුරටත් උග්‍ර වෙලා.
මේ සියලු කරුණු දෙපාර්තමේන්තුව හොඳින්ම දැනගෙන හිටියත්, ඊට විසඳුම් සෙවීමට කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නෑ. නිලධාරීන් සාකච්ඡාවකින් තොරව "ඉරිඟු වෙනුවට සහල් පාවිච්චි කරන්න" වැනි ප්‍රකාශ සිදු කිරීමෙන් කර්මාන්තය රැකගත නොහැකියි. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා, කෘෂිකර්ම අමාත්‍යවරයා, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා සහ වෙළෙඳ අමාත්‍යවරයාගෙන් හදිසි සාකච්ඡාවක් ඉල්ලා සිටිනවා. පවතින ගැටලු සහ ඊට අදාළ දත්ත දේශපාලන නායකත්වය වෙත නිසි පරිදි සන්නිවේදනය නොවීම හේතුවෙන් වත්මන් අර්බුදය තවදුරටත් උග්‍ර වෙලා.
රටේ මන්දපෝෂණය දුරු කිරීම සඳහා අවම මිලකට ලබාගත හැකි එකම ප්‍රෝටීන බහුල ආහාරය බිත්තර. ඒවාගේ මිල තීරණය කිරීමේදී නිෂ්පාදකයා මෙන්ම පාරිභෝගිකයා පිළිබඳව ද දැඩිව අවධානය යොමු කළා. නිෂ්පාදනය කරන බිත්තර මිලදී ගැනීමට පාරිභෝගිකයෙකු නොසිටියහොත් ඇති වන ගැටලුව අප වටහාගෙන තිබෙනවා. පවතින වියදම් අනුව මෙවර මීට වඩා වැඩි මිලක් නියම කළ යුතුව තිබුණත්, පාරිභෝගිකයාට පහසුවෙන් මිලදී ගත හැකි වන පරිදි සාධාරණ මිලක් තීරණය කිරීමට අප පියවර ගත්තා."
Latest News
හෝමුස් සමුද්‍ර සන්ධියේ නීති උල්ලංඝනය කළ නෞකා 45කට ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්
Local
25 August 2026
කැනඩාවෙන් ගෙන්වන මෝටර් රථ, ලොරි සහ වානේ සඳහා අමෙරිකාවෙන් 50%ක නව බද්දක්
Local
25 August 2026
වැඩිදුර පරීක්ෂණ සඳහා බස් ලලිත් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර දෙයි
Local
25 August 2026
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
Local
25 August 2026
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
Local
25 August 2026
කැලණි ගඟේ ජල ගුණාත්මකභාවය හේතුවෙන් අත්හිටවූ ජල සැපයුම පැය කිහිපයකින් යථා තත්ත්වයට
Local
25 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාලයේ බස් ලලිත් දිවයිනට රැගෙන එයි
Local
25 August 2026
සිරියාව රාජ්‍ය ත්‍රස්තවාදී අනුග්‍රාහක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අමෙරිකාව පියවර ගනී
Local
24 August 2026
නුවරඑළියේ දුරකථන රැහැන් තඹ කම්බි සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට: අගෝස්තු 31 දක්වා රිමාන්ඩ්
Local
24 August 2026
බන්ධනාගාරයෙන් මියගියා කී කීර්තිසේන හදිසියේම මළගෙදරට එයි : පණපිටින් ආ පුද්ගලයා නිසා ගමම කැළඹේ
Local
24 August 2026