මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන් එහි පරිශීලකයන් රැසක් තම ගිණුම් වෙත පිවිසීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව ඇති බවට Newsweek ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පද්ධතියේ පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගිණුම් තාවකාලිකව අක්‍රිය වී ඇති බවට (temporarily unavailable) වෙබ් අඩවිය සහ යෙදවුම (App) තුළ නිවේදනයක් දර්ශනය වන බව පරිශීලකයෝ පවසන අතර සජීවී අන්තර්ජාල බිඳවැටීම් නිරීක්ෂණය කරනු ලබන 'ඩවුන්ඩිටෙක්ටර්' (Downdetector) වෙබ් අඩවියේ දත්තවලට අනුව, මෙම ගැටලුව ඇමරිකානු වේලාවෙන් අද අලුයම 3:25 ට පමණ ආරම්භ වී තිබෙනවා. විශේෂයෙන්ම අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක දහස් සංඛ්‍යාත පරිශීලකයන් පිරිසක් ෆේස්බුක් පරිශීලනය කිරීමට නොහැකි බවට මේ වන විටත් පැමිණිලි ඉදිරිපත් කරමින් සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
ෆේස්බුක් ගිණුම් වෙත පිවිසීමට උත්සාහ කිරීමේදී, "වෙබ් අඩවියේ පවතින ගැටලුවක් හේතුවෙන් ඔබගේ ගිණුම දැනට භාවිත කළ නොහැක.
මෙම දෝෂය නුදුරේදීම විසඳීමට අප බලාපොරොත්තු වන අතර, කරුණාකර මිනිත්තු කිහිපයකින් නැවත උත්සාහ කරන්න" (Your account is currently unavailable due to a site issue...) යනුවෙන් නිල පණිවුඩයක් එහි සටහන් වන අතරම මව් සමාගම වන මෙටා (Meta) ආයතනය විසින් මෙම පද්ධති දෝෂය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Latest News
ඉන්දියාවේ පළමු ඩෙංගු එන්නතට ඖෂධ පාලක අධිකාරියේ අනුමැතිය
Local
20 July 2026
ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ මණ්ඩලයට නව සාමාජිකයින් පත් කෙරේ
Local
20 July 2026
ඩොලර් මිලියන 2.5ක සයිබර් වංචාව ගැන රජයේ මුදල් කාරක සභා වාර්තාව ‘අතේ රෝලක්’ - දිනන දකුණ සාමූහිකය
Local
20 July 2026
බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් ධුරයෙන් සමුගනී: අවසන් දේශනය පවත්වයි
Local
20 July 2026
නාන තොටුපළකින් පිටරට නිෂ්පාදිත යුද හමුදා උණ්ඩ 43ක් සොයා ගැනේ
Local
20 July 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 197.31කින් පහළට
Local
20 July 2026
නිවසක තිබු යතුරු පැදියක් සොරා ගත් අය සොයා විමර්ශන
Local
20 July 2026
කන්තලේ ප්‍රදේශයේ පාසලක සිසුන් 22ක් රෝහල් ගතකරයි
Local
20 July 2026
මදුරුවන් බෝවන අංගොඩ ප්‍රදේශයේ වැඩ බිම් පරීක්ෂා කර නඩු පවරයි
Local
20 July 2026
කෝටියකට අධික මත්පෙති තොගයක් අත්අඩංගුවට
Local
20 July 2026