General20 July 2026

නැගෙනහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුමක්

නැගෙනහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක පහක් සඳහා අද (20) දිනට බලපැවැත්වෙන පරිදි දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ස්වභාවික විපත් පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඊයේ (19) නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව, නැගෙනහිර පළාතට අමතරව කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, පොලොන්නරුව සහ මොනරාගල යන දිස්ත්‍රික්ක ඊට අයත්.

දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම ඇතැම් ස්ථානවල "අවධානය යොමු කළ යුතු" මට්ටම දක්වා ඉහළ යනු ඇති බව එහි සඳහන්.

මේ හේතුවෙන් අධික උණුසුමෙන් සිදුවන බලපෑම් අවම කරගැනීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, දිගු වේලාවක් සූර්යාලෝකයට නිරාවරණය වීමෙන් වැළකී සිටීම සහ දිනයේ වැඩිම උණුසුමක් පවතින වේලාවන්හිදී වෙහෙසකර එළිමහන් කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස‍යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට උපදෙස් දෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes