ඔස්ට්‍රේලියාවට ඩොලර් මිලියන 2.5ක ණය පියවීමේ ගනුදෙනුවට අදාළව සිදු වූ සයිබර් අපරාධ වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) නිකුත් කළ පාර්ලිමේන්තු වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ‘දිනන දකුණ සාමූහිකය’ පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සාමූහිකය අවධාරණය කරන්නේ, මෙම වාර්තාව සැබෑ අපරාධකරුවන් ආරක්ෂා කිරීම සඳහා හිතාමතාම කරන ලද "ආයතනික මට්ටමේ වසන් කිරීමක්" සහ "අතේ රෝලක්" බවයි.
ඒ අනුව, පසුගිය ජූලි 10 වැනි දින නිකුත් කරන ලද මෙම පාර්ලිමේන්තු වාර්තාව මඟින් කනිෂ්ඨ නිලධාරීන් බිල්ලට දී, සැබෑ අපරාධකරුවන් සොයා ගැනීමට ඇති ඉඩකඩ චේතනාන්විතව වසා දමා ඇති බව දිනන දකුණ සාමූහිකය චෝදනා කරනවා.
"වාර්තාව උත්සාහ දරා ඇත්තේ නිලධාරීන්ගේ ‘අත්දැකීම් නොමැතිකම’ සඳහා අනිසි අවධාරණයක් ලබා දෙමින් සැබෑ තක්කඩියන් වෙත අවධානය යොමුවීම වෙනතකට යොමු කිරීමටයි. භාණ්ඩාගාරයේ ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සිටින නිලධාරීන් පිට වරද පැටවීම හරහා සාපරාධී චේතනාවකින් කළ අපරාධයක් හුදෙක් පරිපාලනමය නොහැකියාවක් ලෙස ලඝු කර තිබෙනවා." යනුවෙන් එම නිවේදනයේ සඳහන්.
මීට අමතරව, ආයතනික පාලන පද්ධතියේ සිදු වූ මහා පරිමාණ බිඳවැටීමක් හුදෙක් මානව සම්පත් ගැටලුවක් ලෙස පෙන්වීමටත්, මහ බැංකුව මෙයට වගකිවයුත්තා ලෙස ඇඟවීමටත් වාර්තාව ක්‍රියා කිරීම හාස්‍යජනක බව ද එම නිවේදනයේ සඳහන්.
පද්ධතියේ පවතින සීමාවන් පෙන්වමින් කමිටුව වංචාවට අදාළ හේතු-පලය සෙවීම හිතාමතාම මඟහැර ඇති බවත්, මෙය මහජන පරමාධිපත්‍ය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවත් ඔවුහු පෙන්වා දෙනවා.
මෙම පරීක්ෂණ දැඩිව සිදුවෙමින් පැවති වකවානුවේදී, අදාළ ඒකකයට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකු දැඩි පීඩනය හමුවේ සියදිවි නසාගැනීමේ ඛේදවාචකය පිළිබඳව වාර්තාව සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දතාවයක් රැකීම දැඩි හෙළාදැකීමට ලක්ව ඇති අතර, දිනන දකුණ සාමූහිකය පවසන්නේ එම නිලධාරියා සත්‍යය හෙළි කිරීමට දැරූ උත්සාහයන් රාජ්‍ය වාර්තාවලින් බැහැර කිරීම සඳහා මෙම වසන් කිරීම සිදු කර ඇති බවයි.
අත්දැකීම් නොමැතිකම නිසා පමණක් මෙවැනි මහා පරිමාණ සොරකම් සැලසුම් කළ නොහැකි බවත්, ඒ සඳහා සම්බන්ධීකරණය වූ සාපරාධී චේතනාවක් අවශ්‍ය බවත් පෙන්වා දෙන එම සාමූහිකය, වගකිවයුතු පාර්ශවයන්ගෙන්, සුළු සේවකයින් පිට වරද පැටවීම නතර කර, මෙම අපරාධයෙන් සැබෑ ලෙසම ප්රතිලාභ ලැබූ ඉහළ පෙළේ තීරණ ගන්නන් වෙත අපරාධ විමර්ශන මෙහෙයවීම සහ සියදිවි නසාගත් නිලධාරියාට රැකියා ස්ථානයෙන් සහ දේශපාලනිකව එල්ල වූ බලපෑම් පිළිබඳව විනිවිදභාවයකින් යුත් නිල විමර්ශනයක් වහාම පවත්වන ලෙසත් ඉල්ලා සිටිනවා.

Latest News
මහ සඟ සමුළුව අද කොළඹදී
Local
27 July 2026
ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්
Local
27 July 2026
බොරතෙල් මිල පහළට
Local
27 July 2026
රාජ්‍යතන්ත්‍රික සාකච්ඡා සඳහා ඉඩ තබමින් අමෙරිකාව සහ ඉරානය ප්‍රහාර තාවකාලිකව අත්හිටුවයි
Local
27 July 2026
වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ගිනි ගැනීමේ සිද්ධි 257 ක්
Local
26 July 2026
ජාත්‍යන්තර සිනමා සම්මාන දිනූ මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රියන්ත සිරිකුමාර දිවයිනට : ගුවන්තොටුපොළේදී උණුසුම් පිළිගැනීමක්
Local
26 July 2026
ඩෙංගු මර්දනයට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලංකාවට විශේෂ සහායක්
Local
26 July 2026
බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවක් වටලයි: බලපත්‍ර නැති විදේශීය මත්පැන් තොගයක්ද සොයාගැනේ
Local
26 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන අධිකරණ සේවා සංගමයේ දැඩි විරෝධය
Local
26 July 2026
එල් නිනෝ බලපෑමෙන් දිස්ත්‍රික් රැසකට දැඩි උණුසුම් කාලගුණයක්: වික්ටෝරියාවේ ජල මට්ටම සීඝ්රයෙන් පහතට
Local
26 July 2026