International23 July 2026

අමෙරිකාව සහ සවුදි අරාබිය අතර සුවිශේෂී සාමකාමී න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමක්

අමෙරිකා එක්සත් ජනපදය සහ සවුදි අරාබිය අතර සාමකාමී න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමකට (Peaceful Nuclear Cooperation Agreement) නිල වශයෙන් අත්සන් තබා තිබෙනවා.

අමෙරිකානු බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් (Chris Wright) සහ සවුදි බලශක්ති අමාත්‍ය අබ්දුල්අසීස් බින් සල්මාන් (Prince Abdulaziz bin Salman) කුමරු විසින් මෙම ඓතිහාසික ගිවිසුමට අත්සන් තබා ඇති බව අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම සාමකාමී න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමට අමතරව දෙරට අතර ද්විපාර්ශ්වික ආරක්ෂණ සහ සහතික කිරීමේ ගිවිසුමකට ද (Bilateral Safeguards Agreement) එකඟතාව පළ කරමින් අත්සන් තබා තිබෙනවා.

මෙම ගිවිසුම හරහා සවුදි අරාබිය තුළ සාමකාමී අරමුණු සහ බලශක්ති උත්පාදනය උදෙසා න්‍යෂ්ටික තාක්ෂණය භාවිත කිරීමට මගපෑදෙන අතර, දෙරට අතර උපායමාර්ගික හා බලශක්ති සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇති.
Related recommendation
Hiru TV News | Programmes