General23 July 2026

සජිත් සහ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර සාකච්ඡාව අද

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂ ප්‍රධානීන් සමඟ අද (23) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

ඒ, අධිකරණ ක්ෂේත්‍රය මුහුණ පා ඇති අර්බුදවලට විසදුම් ලබා දීමට ආණ්ඩුවට බල කිරීම සඳහා වන ඉදිරි කටයුතු සිදුකිරීමේ අරමුණින්.

ඒ අනුව පස්වරු 4.30ට අදාළ සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත අතර, හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යන අයට මෙන්ම හිටපු අගමැතිවරුන්ට ද ඒ සඳහා ආරාධනා කර තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද මේ සඳහා ආරාධනා කර ඇති බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes