2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානයට අදාළව, තේරී පත්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් සමීර ප්‍රසාද් විජේසිංහගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල විසින් අවසාන තේරීම් ලේඛනය අදාළ විශ්වවිද්‍යාල වෙත දැනටමත් යොමු කර ඇති බවයි.
ශිෂ්‍යත්ව සඳහා තේරී පත් වූ සිසුන්, 2026 අගෝස්තු 17 වන දිනට පෙර වෙබ් අඩවියට පිවිසිය යුතුය.
එහිදී සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කරමින් මාර්ගගත ලියාපදිංචිය සම්පූර්ණ කළ හැකි බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
නිවේදනයට අනුව, සිසුන් පහත කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය:
මාර්ගගත ලියාපදිංචියෙන් පසු, අදාළ අයදුම්පත බාගත කර, අත්සන් තබා, බැංකු පොතේ පිටපතක් හෝ බැංකු ගිණුම තහවුරු කිරීමේ ලේඛනයක් ද සමඟ තමන්ගේ විශ්වවිද්‍යාලයට භාර දිය යුතුය.
ශිෂ්‍යත්ව මුදල් බැර කරනු ලබන්නේ අයදුම්කරුගේ නමින් පවතින ලංකා බැංකුවේ හෝ මහජන බැංකුවේ ඉතිරි කිරීමේ/ජංගම ගිණුමකට පමණි
ඒකාබද්ධ බැංකු ගිණුම් පිළිගනු නොලැබේ.
ලියාපදිංචියේදී ලබා දෙන බැංකු ගිණුම් විස්තර පසුව වෙනස් නොකළ යුතුය. එසේ වෙනස් කිරීම ගෙවීම් ප්‍රමාද වීමට හේතු විය හැක.
වලංගු ජංගම දුරකථන අංකයක් සහ විද්‍යුත් තැපැල් ලිපිනයක් ලබා දීම අනිවාර්ය වේ.
ශිෂ්‍යත්ව සඳහා මෙවර තේරී පත් නොවූ සිසුන්ගේ අභියාචනා පවතී නම්, ඒවා 2026 ඔක්තෝබර් 15 දිනට පෙර අදාළ විශ්වවිද්‍යාල මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) වෙත යොමු කළ යුතු බව මහපොළ අරමුදල වැඩිදුරටත් දැනුම් දෙනවා.

Latest News
හෙපටයිටිස් තුරන් කිරීමේ ශූරයන් අතරට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරියක්
Local
26 July 2026
ශ්‍රීලංකන් පිහිනුම් කණ්ඩායම Travel Trade පිහිනුම් තරගාවලියේ ශූරතාව දිනයි
Local
26 July 2026
බීමතින් රිය පදවා තරුණියන් දෙදෙනෙක් හැප්පූ පොලිස් ලොක්කා මීගොඩදී අත්අඩංගුවට
Local
26 July 2026
ඩොලර් මිලියන 2.5ක ණය වංචාවේ COPF වාර්තාව සත්‍යය වසන් කිරීමක් බවට එජාපයෙන් චෝදනා
Local
26 July 2026
රාජගිරිය - ඔබේසේකරපුර පාරේ නිවසක ගින්නක්
Local
26 July 2026
වාහන 1025ක් හම්බන්තොට වරායේ සිරවෙලා: රේගු මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ හෙළිදරව්වක්
Local
26 July 2026
කෝටි 20ක මත්ද්‍රව්‍ය තොගයත් එක්ක අත්අඩංගුවට ගත් කැනේඩියානු චිත්රශිල්පියා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට
Local
26 July 2026
මහජනතාව සමඟ තර්ජනාත්මකව වාද කළ වතුපිටිවල SIගේ වැඩ තහනම්
Local
26 July 2026
උපාලි ධර්මදාස ගේ අවසන් කටයුතු බදාදා
Local
26 July 2026
දඹුල්ල - මාතලේ පාරේ අනතුරකින් සිව්දරු මවක් මරුට
Local
26 July 2026