International24 July 2026

බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව එරට මාධ්‍ය අද (24) වාර්තා කළා.

2023 අප්‍රේල් මාසයේ සිට බංග්ලාදේශයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ෂහාබුදීන්, එරට දේශපාලනික වශයෙන් ඉතා අස්ථාවර කාල පරිච්ඡේදයකදී රට මෙහෙයවනු ලැබුවා..

විශේෂයෙන්ම, පසුගිය 2024 අගෝස්තු මාසයේදී තරුණ විරෝධතාකරුවන් විසින් එවකට අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ ෂෙයික් හසිනා බලයෙන් පහ කිරීමෙන් පසුව, නව අන්තර්කාලීන රජයක් පිහිටුවන තෙක් රටේ පාලනය මෙහෙයවනු ලැබුවේ ජනාධිපති ෂහාබුදීන් විසින්.
Related recommendation
Hiru TV News | Programmes