International24 July 2026

ඉන්දියාවේ කැරපොතු විරෝධතා නිම නොවේ : සාකච්ඡා තවමත් අසාර්ථකයි

ඉන්දියාවේ ජාතික විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ මහා පරිමාණ වංචාවට එරෙහිව දැවැන්ත විරෝධතාවල නිරත වන තරුණ විරෝධතාකරුවන් සහ රජය සමඟ පැවති සාකච්ඡා නිසි එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා.

එම සාකච්ඡා සඳහා එක්වූ කොක්‍රෝච් හෙවත් කැරපොතු ජනතා පක්ෂ ප්‍රකාශක සෞරව් දාස් පැවසුවේ අදාළ ප්‍රශ්න පත්‍ර කාන්දු වීමේ වගකීම භාරගෙන ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම පිළිබඳ ඉල්ලීම සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දීමට ඉන්දීය රජය හෙට (25) දක්වා කාලය ඉල්ලා සිටි බවයි.

මේ අතර, විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධීන්ට එරෙහිව ඉදිරියේදී තවදුරටත් දැඩි නීතිමය පියවර ගන්නා බව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබුණා.

ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින්.
Related recommendation
Hiru TV News | Programmes