International25 July 2026

ඉන්දීයාවේ තරුණ විරෝධතා තවදුරටත්: අධ්‍යාපන ඇමති ගැන ඉන්දීය රජයේ තීරණය අද

ඉන්දියාවේ ජාතික විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ මහා පරිමාණ වංචාවට එරෙහිව එරට තරුණ විරෝධතාකරුවන් තවදුරටත් විරෝධතාවල නිරත වනවා.

රජය සමග ඔවුන් පැවති සාකච්ඡා නිසි එකඟතාවයකින් තොරව ඊයේ (24) අවසන් වුණා.

ඒ සමගම තවදුරටත් ගැටුම් උත්සන්න වී ඇති බවයි වාර්තා වන්නේ.

කොක්‍රෝච් හෙවත් කැරපොතු ජනතා පක්ෂ ප්‍රකාශක සෞරව් දාස් කියා සිටියේ, අදාළ ප්‍රශ්න පත්‍ර කාන්දු වීමේ වගකීම භාරගෙන ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීය යුතු බවයි.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දීමට අගමැති නරේන්ද්‍ර මෝදි අද (25) දක්වා කාලය ඉල්ලා සිටි අතර, ඒ සම්බන්ධයෙන් තීරණයක් අද ගනු ඇති බවටයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes