General25 July 2026

17 හැවිරිදි සිසුවියකගේ මළ සිරුරක් ගල්වලකින් හමුවෙයි

බලංගොඩ පොලිස් වසමේ මහවලතැන්න ප්‍රදේශයේ පදිංචි සිසුවියකගේ මෘත ශරීරයක් මහවලතැන්න කජුවත්ත ප්‍රදේශයේ ගල්වලක තිබෙන බවට ඊයේ (24) බලංගොඩ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, අවුරුදු 17ක් වූ බලංගොඩ ප්‍රදේශයේ සිසුවියක්.

මෙම සිසුවිය නිවසින් අතුරුදන්ව සිට ඇති බවට ඇගේ පියා විසින් බලංගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් තිබියදීයි ඇයගේ මෘත ශරීරය මෙලෙස ගල්වලක තිබී හමු වී ඇත්තේ.

මෙය මනුෂ්‍ය ඝාතනයක්ද නැතහොත් දියේ ගිලී මිය යාමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, අද (25) පශ්චාත් මරණ පරික්ෂණය බලංගොඩ රෝහලේදී පැවැත්වීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
Related recommendation
Hiru TV News | Programmes