General25 July 2026

වීරවිල බස් අනතුරකින් 19කට තුවාල

මාතර - තිස්ස ප්‍රධාන මාර්ගයේ වීරවිල ප්‍රදේශයේදී ‍පෞද්ගලික බස් රථයක් අනතුරට පත්ව තිබෙනවා.

අනතුර හේතුවෙන් කාන්තාවන් 9ක් ඇතුළු 19 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි පොලිසිය පවසන්නේ.

තිස්සමහාරාම දෙස සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් යතුරුපැදියක ගැටී අසල වූ පසු සම්පත් ආයතනයේ වැට කඩා ගෙන ගොස් කොහොඹ ගසක වැදී තිබෙනවා.

ඒ හේතුවෙන් යතුරුපැදියේ පැමිණි දෙදෙනා බරපතල තුවාල ලබා තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූවන් තිස්සමහාරාම දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කිහිපදෙනෙකු හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යැවූ බවයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ.

වැඩිදුර පරීක්ෂණ වීරවිල පොලිසිය විසින් සිදු කරනවා.
Related recommendation
Hiru TV News | Programmes