International29 July 2026

ඉරාකයේ ඉරාන හිතවාදී ඉලක්ක වෙත අමෙරිකා - සවුදි ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයක්

ඉකුත් පැය 72 ක කාලය තුළ අමෙරිකානු හමුදා කඳවුරු සහ සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල වූ 30කට අධික ඩ්‍රෝන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, ඉරාකයේ පිහිටි ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම්වල ඉලක්ක වෙත අමෙරිකානු සහ සවුදි අරාබි ගුවන් බලකායන් එක්ව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකානු මධ්‍යම බලකාය (US CENTCOM) නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) උපදෙස් මත ක්‍රියාත්මක වන ඉරාකයේ පිහිටි ත්‍රස්තවාදී කඳවුරු, මෙහෙයුම් මධ්‍යස්ථාන සහ ආයුධ ගබඩා කිහිපයක් මෙලෙස ප්‍රහාරයට ලක්වූ බවයි.
Related recommendation
Hiru TV News | Programmes