General29 July 2026

නව මෙට්‍රෝ බස් රථ 104 දිවයිනට ළඟා වෙයි

2025 අයවැය යෝජනා අනුව පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස නවීන සහ සුවපහසු, දියුණු තාක්ෂණය සහිත බස් රථ හදුන්වාදීමේ වැඩපිළිවෙළ යටතේ ආනයනය කළ මෙට්‍රෝ බස් රථ 104ක් රැගත් නෞකාව අද (29) පස්වරුවේ කොළඹ වරාය වෙත ළගා වී තිබෙනවා.

මෙම බස් රථ ලබන සැප්තැම්බර් මාසයේ සිට කොළඹ නගර ප්‍රදේශය තුළ ධාවනය සඳහා එක් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes