පසුගිය සති කිහිපය තුළ තමන්ට එරෙහිව එල්ල වී ඇති පදනම් විරහිත පුද්ගලික ප්‍රහාර සහ අසත්‍ය චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව නීතිඥ රජීව් අමරසූරිය සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.
වෘත්තීය විනය කඩ කිරීම හේතුවෙන් 2024 පෙබරවාරි 29 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිඥ වෘත්තියෙන් ඉවත් කරන ලද නාගනන්ද කොඩිතුවක්කුගේ 'Vinivida Foundation' ආයතනය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත තමන්ට එරෙහිව පැමිණිල්ලක් කර ඇති බවට පළ කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් අමරසූරිය මේ බව සඳහන් කර තිබෙනවා.
මෙම අසත්‍ය පැමිණිල්ල මෝටර් රථ නිෂ්පාදකයෙකුගේ බලයලත් අලෙවි නියෝජිතයා වෙනුවෙන්, ජනාධිපති නීතිඥවරුන් කිහිප දෙනෙකු සමඟ එක්ව අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තමන් පෙනී සිටින නඩු කටයුතු සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බවයි අමරසූරිය පෙන්වා දෙන්නේ.
අධිකරණය ඉදිරියේ සේවාදායකයෙකු නියෝජනය කිරීම සඳහා නිසි උපදෙස් ලැබූ නීතිඥයෙකු ලෙස, තමන් සිය වෘත්තීය වගකීම සහ යුතුකම ඉටු කිරීම සඳහා පමණක් පෙනී සිට ඇති බව ඔහු අවධාරණය කරනවා.
මීට පෙර පැවති ඇතැම් නඩු කටයුතු වලදී නාගනන්ද කොඩිතුවක්කු ද පාර්ශ්වකරුවෙකු වෙනුවෙන් පෙනී සිටි බවත්, කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු නීතිඥ වෘත්තියෙන් ඉවත් කිරීමෙන් පසු එසේ පෙනී සිටීම නතර වූ බවත් ඔහු සිහිපත් කරනවා.
මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ද්වේෂ සහගත සහ වෙනත් අරමුණු ඉටු කර ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද ඒවා වන අතර, දැනුවත්ව අසත්‍ය චෝදනා ඇතුළත් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්නම් ඊට එරෙහිව දූෂණ විරෝධී පනතේ 119 වන වගන්තිය යටතේ අපරාධමය දඬුවම් මෙන්ම අසත්‍ය ලෙස චෝදනා ලැබූ පුද්ගලයාට වන්දි ලබාදීමේ නීතිමය විධිවිධාන ක්‍රියාත්මක වන බවයි අමරසූරිය පෙන්වා දෙන්නේ.
පුද්ගලික ප්‍රහාර හමුවේ කිසිදා අධෛර්යයට පත් වී නැති බවත්, ප්‍රතිපත්තිමය ස්ථාවරයන් මත සිටිමින් සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරමින් ඉදිරියටත් තම වෘත්තීය වගකීම් නොපැකිළව ඉටු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ඔහු තැබූ සටහන පහතින්
'' පසුගිය සති කිහිපය තුළ මා පදනම් විරහිත පුද්ගලික ප්‍රහාර මාලාවකට ලක්වී ඇත.
පළමුව, විපක්ෂ නායකවරයා සමඟ මා රහස් ගිවිසුමකට එළඹී ඇති බවට චෝදනාවක් එල්ල විය.
දැන්, වෘත්තීය විනය කඩ කිරීම සම්බන්ධයෙන් වරදකරු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර 2024 පෙබරවාරි 29 වන දින නීතිඥ වෘත්තියෙන් ඉවත් කරන ලද නාගානන්ද කොඩිතුවක්කු මහතා, ඔහුගේ Vinivida Foundation ආයතනය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත මා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.
ඔහු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ ප්‍රකාශයට අනුව, එම පැමිණිල්ල සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකාවේ මෝටර් රථ නිෂ්පාදකයෙකුගේ බලයලත් අලෙවි නියෝජිතයා වෙනුවෙන්, ජනාධිපති නීතිඥවරුන් කිහිප දෙනෙකු සමඟ එක්ව, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මා පෙනී සිටි සහ තවදුරටත් පෙනී සිටින නඩු කටයුතු සම්බන්ධ කරුණු වලටය.
සැබෑ කරුණු ඉතා සරලය.
* අධිකරණය ඉදිරියේ මගේ සේවාදායකයා නියෝජනය කිරීම සඳහා නිසි උපදෙස් ලැබූ නීතිඥයෙකු ලෙස, මා පෙනී සිටියේ මගේ වෘත්තීය වගකීම ඉටු කිරීම සඳහා පමණි.
* නාගානන්ද කොඩිතුවක්කු මහතා ද මීට පෙර පැවති ඇතැම් නඩු කටයුතු වලදී වගඋත්තරකරුවෙකු සහ මැදිහත් වන පෙත්සම්කරුවෙකු වෙනුවෙන් පෙනී සිටියේය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු නීතිඥ වෘත්තියෙන් ඉවත් කිරීමෙන් අනතුරුව එසේ පෙනී සිටීම නතර විය.
* මා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති චෝදනා මම තරයේ ප්‍රතික්ෂේප කරමි. ඒවා අසත්‍ය, ද්වේෂ සහගත වන අතර, මගේ අදහස අනුව වෙනත් අරමුණු ඉටු කර ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති චෝදනා වේ.
සැබැවින්ම, දැනුවත්ව අසත්‍ය චෝදනා ඇතුළත් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්නම්, ඊට පිළිතුර සපයන්නේ නීතියමයි. දූෂණ විරෝධී පනතේ 119 වන වගන්තිය අනුව, කොමිෂන් සභාව වෙත දැනුවත්ව අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීම වරදක් වන අතර, ඒ සඳහා අපරාධමය දඬුවම් මෙන්ම අසත්‍ය ලෙස චෝදනා ලැබූ පුද්ගලයාට වන්දි ලබාදීමේ විධිවිධාන ද එම පනතේ අන්තර්ගත වේ.
පුද්ගලික ප්‍රහාර මගින් මා කිසිදා අධෛර්යයට පත් වී නැත. ඉදිරියටත් එසේ නොවනු ඇත.
ප්‍රතිපත්තිමය ස්ථාවරයන් මත ස්ථිරව සිටින විට, ස්වාධීනව අදහස් ප්‍රකාශ කරන විට සහ ආයතන හා නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට සූදානම්ව සිටින විට, විවේචන එල්ල වීම නොවැළැක්විය හැකිය. එය පොදු ජීවිතයේ ස්වභාවික කොටසකි.
වැදගත් වන්නේ සත්‍යය කෙරෙහි අවධානය යොමු කරමින්, තම වෘත්තීය වගකීම් විශ්වාසවන්තව හා අවංකව ඉටු කරගෙන යාමත්, කරුණු තමන් වෙනුවෙන්ම කතා කිරීමට ඉඩ දීමත්ය.
පැරණි කියමනක් මතක් කරන්නේ මෙසේය:
“උසම ගසට තමයි වැඩිම සුළඟ වැදෙන්නේ.”

Latest News
බලපත්‍ර නොමැති තවත් සූදු වෙබ් අඩවි 122ක් තහනම්
Local
06 August 2026
අගෝස්තු මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල වෙනස් නොවේ
Local
06 August 2026
කොල්ලුපිටියේදී ජංගම දුරකථනයක් කොල්ලකෑ චීන ජාතිකයා රිමාන්ඩ්
Local
06 August 2026
ඉම්රාන් ඛාන්ට සාධාරණ නඩු විභාගයක් නොදීම පිළිබඳ ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානයෙන් පාකිස්තානයට දැඩි චෝදනා
Local
06 August 2026
පොලිස්පතිවරයාට තර්ජනය කළැයි කියන සාගර කාරියවසම්ගේ ප්‍රකාශය ගැන පොලිසිය අධිකරණයට කරුණු කියයි
Local
06 August 2026
සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
Local
06 August 2026
2025 දී වැඩිපුරම එළුවන් සහ බැටළුවන් ඝාතනය කර ඇත්තේ කොළඹින් - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
Local
06 August 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 102.73 කින් ඉහළට
Local
06 August 2026
එල් නීනෝ තත්ත්වය හමුවේ මොණරාගල ජනතාවට අඛණ්ඩව ජලය ලබාදීමට වැඩපිළිවෙළක්
Local
06 August 2026
රට වෙනුවෙන් පොදු රද මඩුලු රන්-රිදී දිනූ පුතුන්ට ඩයලොග් උපහාර
Local
06 August 2026