General06 August 2026

දූෂණ විරෝධි පනත සංශෝධනය යළි වෙනස් වෙයි: මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් පමණක් ප්‍රසිද්ධියට අවසර

පෙර පැවති ආකාරයට මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කළ හැකි පරිදි දූෂණ විරෝධී පනතට අදාළව පසුගිය මාසයේදී නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ සමාජයේ දැඩි කතාබහක් හටගත්තේ අදාළ ගැසට් නිවේදනයෙන් මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම අත්හිටුවීම හේතුවෙන්.

කෙසේ වෙතත්, අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සභානායක අමාත්‍ය බිමල් රත්නායක කියා සිටියේ, නව සංශෝධනය මගින් මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කළ හැකි අතර මහජන නියෝජිතයින් නොවන වෙනත් පුද්ගලයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධි කළ නොහැකි බවයි.
Related recommendation
Hiru TV News | Programmes