සීමාසහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ (CCCC) ප්‍රධානී ෂැං බිංනන් (ZHANG BINGNAN) ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
මෙහිදී ප්‍රධාන වශයෙන් කොළඹ වරාය නගරය (Port City) කේන්ද්‍ර කරගනිමින් මේ වන විට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
ජනාධිපතිවරයාගේ දූරදර්ශී වැඩපිළිවෙළ විදේශ ආයෝජන දිරිගැන්වීමෙහිලා ප්‍රධාන සාධකය බවට පත්ව ඇති බව පෙන්වා දුන් සීමාසහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ ප්‍රධානීහු, වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ පවතින ඉහළ විශ්වාසය හේතුවෙන් ශ්‍රී ලංකාවට තවත් විශාල ආයෝජන අවස්ථා රැගෙන ඒමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
මීට අමතරව, මෙරට පුනර්ජනනීය බලශක්තිය, වෙළෙඳ සැපයුම් (Logistics) සහ ඩිජිටල් තාක්ෂණය යන අංශවල ආයෝජන අවස්ථා පුළුල් කිරීමට උනන්දුවෙන් පසුවන බවත්, ශ්‍රී ලංකාව එම අංශවල වැදගත් මධ්‍යස්ථානයක් බවට පත් කරමින් ආයෝජන අවස්ථා ආකර්ෂණය කරගත හැකි බවත් ඔවුන් පෙන්වා දුන්නා.
මෙම ආයෝජන අවස්ථාවලදී 90%ක්ම දේශීය ශ්‍රමය යොදාගන්නා බවත්, එමගින් මෙරට විශාල පිරිසකට නව රැකියා සංඛ්‍යාවක් නිර්මාණය කිරීමට හැකි වන බවටත් චීන සමාගම් ප්‍රධානීන් මෙහිදී සහතික වුණා.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර ඇතුළු පිරිසක් එක්ව සිටියා.
තවද, සීමාසහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ (CCCC) විදේශ ව්‍යාපාර අධ්යක්ෂ ටෑං චියාඕලියං (TANG QIAOLIANG), ඒකාබද්ධ අංශයේ නියෝජ්‍ය කළමනාකරු ජි හයිජුන් (JI HAIJUN), සීමාසහිත චීන වරාය ඉංජිනේරු සමාගමේ (CHEC) සාමාන්‍යාධිකාරී ෂැං ෂියාඕචියැං (ZHANG XIAOQIANG), CHEC ශ්‍රී ලංකා අංශයේ සාමාන්‍යාධිකාරී වෑං ගෑං (WANG GANG) සහ කොළඹ වරාය නගරයේ CHEC කළමනාකාර අධ්යක්ෂ ෂියොං හොංෆෙං (XIONG HONGFENG) ඇතුළු නියෝජිත පිරිසක්ද එක් වුණා.

Latest News
මඩු මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සහ බස් රථ සේවා
Local
13 August 2026
අමෙරිකාවේ ටෙක්සාස් හි හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි - දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
13 August 2026
මන්ත්‍රී හිස්බුල්ලා අල්ලස් කොමිසමට
Local
13 August 2026
හෝමූස් වසා දැමීම නිසා තෙල් සංචිත ක්ෂය වෙමින් පවතින බවට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය කියයි
Local
13 August 2026
ජුනි මාසයේ නිල දරිද්‍රතා රේඛාව ඉහළට
Local
13 August 2026
මවට අපහාස කළ බව කියා ජපානයේදී ශ්‍රී ලංකා සිසුවෙකු තවත් ශ්‍රී ලාංකීක සිසුවෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරලා
Local
13 August 2026
ඉරාන ඡායාරූප මාධ්‍යවේදිනියකට වසර 15ක සිර දඬුවමක්
Local
13 August 2026
ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි
Local
13 August 2026
ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපති එරික් මේයර් දිවුරුම් දෙයි
Local
13 August 2026
මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවයි
Local
13 August 2026