ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමේ සහ විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කරගැනීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව, ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ ආයෝජකයින් සහ ව්‍යවසායකයින් රැසක් මෙරට ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු රාජ්‍ය දූත පිරිසගේ සහභාගිත්වයෙන් මෙම විශේෂ සාකච්ඡා වටය වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ලයිඩ් නෝර්ත් (Clyde North) හිදී පවත්වා තිබුණා.
එහිදී ECOGEN ආයතනය හරහා තිරසාර බලශක්ති විසඳුම් සහ AusLoop Global Solutions ආයතනය හරහා ඇඟලුම් ක්ෂේත්‍රයේ තිරසාර ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලීන් ස්ථාපිත කිරීමට එකඟ වී තිබෙනවා.
FRMAFIRST ආයතනය මගින් දෙනුන් 2,000ක ධාරිතාවකින් යුත් මහා පරිමාණ වාණිජ කිරි ගොවිපළ ව්‍යාපෘතියක් සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන නවීන පශු සම්පත් අභිජනන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට එකඟ වී තිබෙනවා.
කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඒකල කාර්මික ජනපදය කේන්ද්‍ර කරගනිමින් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් ආශ්‍රිත මහා පරිමාණ ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණ සහ උපාංග නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඉදිකිරීමටද යෝජනා වී ඇති බවයි සඳහන්.
මේ අතර ඒකාබද්ධ ජලජීවී වගා ව්‍යාපෘති, මාරවිල ප්‍රදේශයේ පරිසර හිතකාමී සංචාරක හෝටල් ව්‍යාපෘති, OSCS Holdings හරහා ආහාර සැකසුම් කර්මාන්ත සහ FLEXIMAKE ආයතනය සම්බන්ධ වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටද සාකච්ඡා වුණා.
වත්මන් රජය යටතේ මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ගොඩනැගෙමින් පවතින විනිවිදභාවය සහ විශ්වාසනීයත්වය පිළිබඳව ප්‍රසාදය පළ කළ ඕස්ට්‍රේලියානු ආයෝජකයෝ, මෙම සියලු ව්‍යාපෘති කඩිනමින් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට පූර්ණ එකඟතාව පළ කළ බවයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ.

Latest News
ඉන්දියාවේදී කාලිංග කුමාරගේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026
යාපනයේ ගිනිකෙළි සංවිධානය කළ සමාගමේ හිමිකරු රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී සුමේද රණසිංහගෙන් හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
Local
22 August 2026
රැඳවුම් නියෝග දිගු කරන්න එපා : සලේගේ බිරිඳගෙන් ජනපතිට යළි ලිපියක්
Local
22 August 2026
වතුකරයේ පෝෂණය ඉහළ නංවන්න මාවුස්සාකැලේට මත්ස්‍ය පැටවුන් 66,000 ක්
Local
22 August 2026
ඉන්දියාවේදී දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීමෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026
ගල්පරයක සිරවුණු මළ සිරුරක් වෙන්නප්පුව මුහුදේ: ඩෝරා අනතුරින් අතුරුදන් නාවිකයා දැයි සොයා විමර්ශනයක්
Local
22 August 2026
ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10 ක රාජ්‍ය ප්‍රතිපාදන
Local
22 August 2026
ඉන්දියාවේදී ශානිකා කහවලගෙන් මීටර් 1500 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්
Local
22 August 2026
ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරය තුළ වධහිංසා පමුණුවන බවට සහෝදරියගෙන් චෝදනා
Local
22 August 2026