General18 August 2026

හිටපු ඇමති අකිලට සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයාට ඇප - විදෙස් ගමන් තහනමකුත්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයා ඇප මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (18) නියෝග කළා.

එක් සැකකරුවකුට ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප 2ක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.
Related recommendation
Hiru TV News | Programmes