General25 August 2026

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාලයේ බස් ලලිත් දිවයිනට රැගෙන එයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් කන්නන්ගර හෙවත් බස් ලලිත් දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

සැකකරු මෙරටට රැගෙන ඒමට මධ්‍යම අපරධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මසයේ සැකකරු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ලබා දී තිබූ දැනුම් දීමට අනුවයි.
Related recommendation
Hiru TV News | Programmes